කැම්පස් ජිවිතේ පටන්
ගත්ත අලුත බෝඩින් වලට ගාල් වෙච්ච අපිට ඒ කාලේ තිබ්බ ලොකුම අවුල තමයි හරි හමන්
කෑමක් බීමක් බඩට වැටෙන්නේ නැති එක. A/L ඉවර වෙලා කැම්පස් පටන් ගන්න කල් ගෙදර හිටපු
කාලේ අම්මල බඩ කට පිරෙන්න කවල පොවලා එවපු එවුන්ට කැම්පස් කැන්ටිමේ කන්ඩ තිබ්බේ
පුන්නක්කු වගේ කෑම.
කොල්ලෝ කිව්වේ කොයි වෙලාවේ හරි පොලිසියෙන් පැනල කැන්ටිමේ
අන්කල් ව කුදලන් යනවා පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට කියල. මොකෝ කැන්ටිමේ බත්
එකට දෙන චිකන් කෑල්ල කවදාවත් පිහියෙන් නම් එච්චර පොඩියට කපන්න බෑ... ඩයිනමයිට්
දාලා කුකුලව පිපිරෙව්වොත් මිසක්.
ඉතින් කැන්ටිමේ කෑම වල
හැටි සොබාවේ දැනන් හිටපු වටේ පිටේ ගෙවල් වල මිනිස්සු සුළු හා මධ්‍යම පරිමාණ ටයිප්
එකේ කෑම බිස්නස් පටන් අරන් තිබ්බා. කැන්ටිමේ කෑම කාලා රස නහර වේලිලා ගිය කොල්ලන්ට
මේ ගෙවල් වල කෑම දැනුනේ දිව්‍ය භෝජන වගේ. උන් ඒකට කාලගුණ සැලකුවේ කොහොමද දන්නවද..
ඒ ගෙවල් වලට තරු පන්තියේ හෝටල් වල නම් දාලා.. හිල්ටන් , ගලධාරි වගේ...
ඒවත් එක්ක ඈඳුනු රස කතා
නම් එමටයි. එකක් කියන්නම්කො....
ඒ කාලේ අපි සති කීපෙකට
සැරයක් වගේ සිකුරාදා හවස කෝච්චියේ ගෙවල් වලට එනවා සති අන්ත නිවාඩුවට. ඔහොම දවසක්
එද්දී අපේ සෙට් එක කෝච්චියේ සීට් පේලි දෙකක ඉඳගෙන කයිය ගහ ගහ එනවා. ඔන්න ඉතින් මගේ
පොඩි වචනයක් වැරදිලා එහා පැත්තේ සීට් එකේ ඉන්න ෆ්රෙන්තෙකුට තද වෙලා.
“ ඉන්දරේ මේ... වැඩිය සද්දේ දාන්න එන්ඩ එපා..උඹ
මට රුපියල් වීසි පහක් ණයත් එක්ක ..” ඔන්න ඉතින් කෝච්චි පෙට්ටියටම ඇහෙන්න උගේ
සද්දේ... “මොකක්... ඒ කවදා ගත්ත ණයක්ද? ” මාත් ඉතින් අරින්නේ නැහැ...
“ඇයි මතක නැද්ද උඹට මම
හිල්ටන් එකෙන් කෑම එකක් ගෙනත් දුන්නේ පෙරේදා...” එහා පැත්තේ එකා ගහල දැම්ම
තුරුම්පුව.
හප්පට සිරි.. කෝච්චි
පෙට්ටියම නිකන් මීයට පිම්බ වගේ.. රුපියල් 25 ට හිල්ටන් එකෙන් කෑම එකක්. සෙල්ලන්ද
කොල්ලෝ කිව්වලු. මම මේ කියන්නේ 90 ගණන් වල අග..නැත්තම් 2000 මුල.. ඒත් රුපියල්
වීසි පහට. කෝච්චි පෙට්ටියේ හිටපු මිනිස්සු අපි දිහා බැලුවේ අංගොඩින් පැනල යන
පිස්සෝ රංචුවක් දිහා බලන ගානට.
මොකෝ ඉතින් අපි කියන්නයෑ , හිල්ටන් කිව්වේ කැම්පස්
එක ළඟ සිරිමා ඇන්ටිගේ ගෙදරට කියල.
ඔය අතරේ ළඟ පාත ගෙවල්
තිබ්බ එව්වෝ ගෙදරින් එනකොට ගෙනාවේ සිමෙන්ති කොට්ට වගේ බත් මුල්. මොකෝ උන් දන්නවා
ඒක බෙදා ගන්න කැම්පස් එකේ ඕනි තරම් කොල්ලෝ ඉන්නවා කියල. හැබැයි ඔහොම හිත හොඳ ඩයල් අතරේ
එලොවටත් නැති මෙලොවටත් නැති අපතයොත් නොහිටියා ම නෙමෙයි. උන් කැමති නෑ කොල්ලෝ
ඇවිල්ල උන්ගේ බත් එකට අත දානවට.
ඉන්දරේ හිතුවේ
මොන්ටිසොරියේදී, ඉස්කෝලෙදි හැදිච්ච නැති ඒ වගේ සයිකෝ කාරයින්ව අඩු ගානේ කැම්පස්
එකේදී හරි හැදුවේ නැත්තම් උන් කවදම හරි සමාජෙට බරක් වෙනවා කියල. උන්ව හදන්න උන්ගේ
බත් එකට අත දාන ඉන්දරේ ගැන උන්ට තිබ්බේ පුදුම වයිරයක්.
දවසක් ඔයින් එකෙක් පට්ට
බර කල්පනාවක ඇවිදගෙන යනවා කොරිඩෝවක. ඔය
අතරේ පොරගේ කකුල වැදුනා නිදා ගෙන හිටපු බල්ලෙක්ගෙ ඇඟේ. කලබල වෙච්ච පාර කොල්ල බල්ලට
සොරි කියපි. ආයේ මොනවද ඉතින්.. ඉන්දරේ නේ දැක්කේ. පහුවදා ඉඳලා බැච් එකේ එකෙක් ඌට
නම කියල කතා කලේ නෑ. ඔක්කොම උන් ඌට කිව්වේ “සොරි ඩෝග්” කියලා... කැම්පස් එකෙන්
අවුට් වෙන කල් මෑන්ස් මගේ මූණ බැලුවේ නෑ... J
පටන් ගත්තේ කෑමෙන්..
මැද්දේ හරියේදී බලු කතා.. ඉන්දරේ ටත් ඉතින් පීලි පනින්නේ නැතිව කතාවක් ලියා ගන්න
බෑනේ ඉතින්.. L
කෑමෙන් පටන් ගත්තට ඉවර
කරන්න යන්නේ බීමෙන් ඕන්..අපේ එවුනුත් ඉතින් යුනිවර්සිටි කාලේ ඉගෙන ගත්ත එකත් එක්ක
නොකරපු දෙයක් නැහැ. මොකෝ ඉතින් එකෙන්ම මීටර් නේ... හා..හා..
කොල්ලන්ට මහපොල හම්බ වෙන
දවසට ඉතින් ආයේ අවුරුදු වගේ තමයි. කට්ටිය ටියුෂන් කරලා..පාට් ටයිම් ජොබ් කරලා හම්බ
කරපු ඒවායෙන් පොඩ්ඩ පොඩ්ඩත් ඒ දවස් වලට එලියට ඇදෙනවා. ඔන්න ඉතින් ඔහොම එක දවසක අපේ
ෆ්රෙන්තෝ ටිකක් සේටමෝල් උනා කියමුකෝ ඉතින් හන්දියේ තිබුන රෙස්ටෝරන්ට් එකක. බයිට්
එකට ඉස්සෝ ද.. දැල්ලොද... බොන්න කූල් කාල්ස්බර්ග් බීර...
අපි ඉතින් පැය ගානක්
තිස්සේ ලක ලෑස්ති වෙන අතරේ අන්කල් කෙනෙක් ආවා ඔෆිස් බෑග් එකකුත් කිහිල්ලේ ගහගෙන, බාර්
එකේ කවුන්ටරේ ලඟට. ගත්ත අරක්කු කාලක්. ඇරියා මූඩිය.. කටේ හලා ගත්ත කියන්නකෝ ගොජ
ගොජ ගාලා අමුවෙන්ම...
එදා තමයි අපි තේරුම්
ගත්තේ අපි සෙට් වෙලා තිබ්බේ බොන්න නෙමෙයි කන්න කියලා...
ඔන්න තව දවසක NGO සෙට්
එකක් ඇවිත් කැම්පස් එකට .. තරුණ ප්‍රශ්ණ ගැන සමීක්ෂනේකට. උන්ගෙත් වෙලාව කියන්නේ
උන්ට මුලින්ම හම්බ උනේ මාව. උන්ට ඕනි උනේ මම ලවා උන්ගේ සමීක්ෂනේට ළමයි හොයා ගන්න.
මම උන්ට මෙන්න මෙහෙම කිව්වා..
“අයියලා ළමයින්ට කතා
කරන්න ගිහින් උන්ගේ වෙලාවයි ඔයාලගේ වෙලාවයි දෙකම නාස්ති කර ගන්න එපා.. අර හන්දියේ
බාර් එකෙනුයි, වැල පත්තර කඩෙනුයි අහගන්නකෝ.. උන් කියයි අපේ කොල්ලන්ගේ අසහනේ දිග
පළල ..ආයේ එකෙන්ම .... ”
ඔන්න ඉන්දරේ අදට
නවතින්නයි යන්නේ.. අර කිව්ව කඩේ ගැන තේරුනේ නැත්තම් CD, DVD ප්‍රසිද්ද වෙන්න කලින්
කැම්පස් ගිය කෙනෙක් ගෙන් අහ ගන්නකො හොඳේ... J J