ඉන්දරේ පොඩි කාලේ ලොකු උන්
එක්ක ගැවසෙන්න තිබ්බේ පුදුම ඇම්මක්. අපේ තාත්තගේ පවුලේ කොල්ලොම 7 ක්. තාත්ත තමයි
වැඩිමලා... ඉතින් මම පොඩි කාලේ චූටි බාප්පා එහෙම ගොඩක් තරුණ කොලු ගැටයෙක්. මම උන්
එක්ක එහෙ මෙහෙ ඇවිදින්න පුරුදු උනේ වයස 10..11 කාලේ ඉඳලා....
ඔන්න දවසක් උන් සෙට් එක
ගැන්සි බහින පොට් එකකට අරන් ගියා මාවත්.
හැබැයි ඉතින් එතන කට්ටිය එකතු වෙන තැන මට තහනම්. මම කලේ වටේ පිටේ ඇවිදලා,
ගඩා ගෙඩි කාලා, ආතල් එකක් ගත්ත එක. ටික වෙලාවකට පස්සේ පටන් ගත්ත කියමුකෝ අපහු
එන්න, සෙට් එක. පොඩ්ඩ දුරයි ආවේ, එකෙක් ඉඳ ගත්තා ළඟ තිබ්බ පත සියඹලා ගහක් යට.
ඉඳගෙන ආයේ ලොවෙත් රංග විශාරදයෙකුටවත් බැරි තරම් හොඳට පොර පටන් ගත්ත කියහල්ලකෝ
අභිනව රංගනයක්... මාළු දැල වීසි කරනවා..අදිනවා... වීසි කරනවා..අදිනවා.. ඒ මදිවට
යාලුවන්ට කතා කරනවා අදින්න උදව් කරන්න... ටිකකින් තමයි මට තේරුණේ, අභිනයක් වගේ
පෙනුනටපොර ඒක කරන්නේ, ඇත්තටම මාළු බානවා කියල හිතා ගෙන කියලා... මට මේක පට්ට ෆන්
උනාට බාප්පල හිටියේ සොරි වෙලා. උන්ගේ
කතාවෙන් තමයි මට තේරුනේ මේ සීන් එක ගුලි කියල ජාතියක් කාලා වෙච්ච දෙයක් කියලා..
යකෝ, ගුලි කියන්නේ පට්ට කෑමක් නේ...
මම ගෙදර ගිය ගමන් අම්මට කිව්වේ, “අම්මේ මටත් ගුලි ගෙනල්ල දෙන්න .. ඒවා කාපුවහම
පට්ට ආතල්..” කියලා. අම්මට එක පාරටම
තේරුනේ නැති උනාට, තාත්තා ගෙදර ඇවිල්ල තියමු විමර්ශනය ඉවර උනේ චූටි බාප්පට අපේ
ගෙදර තහනම් කලාපයක් වෙලා....
ඔන්න ඉතින් කාලය පියෑඹුවා...
A/L විභාගේ ඉවර වෙලා, කොල්ලෝ සෙට් එක ගියා
උණවටුනේ නාන්න. අපි සී බාත් එකක් දාල පට්ට ෆන් එකේ ඉන්න කොට, එක ගොබිලෙක් විතරක්
ගොඩට වෙලා ඉන්නවා.. ඒකට මූදු වතුර ඇලජික් ලු...පොර ඉන්නවා ක්ලීන් සූට් ගහල, සන්
ග්ලාසස් දාල, පට්ට ඇඩ් එක දාගෙන... ඔන්න ටික වෙලාවකින් මේකා ඩෙනිමයි, ෂර්ට් එකයි,
සන් ග්ලාසසුයි ඔක්කොම පිටින් පැන්න කියහල්ලකෝ වතුරට ජබෝහ් ගාලා...පස්සේ බලන කොට
තමයි දන්නේ, මේකා දහයට ගනින්න බෑ වගේ හිටියට ගුලි කාපර් කෙනෙක් කියල. වටේට කැටයම
දාගෙන හිටියට අන්තිමට බීච් එකේ හිටිය ඔක්කොමට පට්ට චාටර්...
මගේ ජීවිතේ ගුලි සම්බන්ද
අත්දැකීම් වල, එකෙන්ම පට්ටම සීන් එක උනේ කැම්පස් කාලේ...අපේ සෙට් එකේ හිටිය
නිවුන්නු දෙන්නෙක්.. පිස්සුම තමයි කෙලින්නේ,,,, ගුලි කන්නේ නිකන් අපි ටොෆි කනවා
වගේ. ඔන්න දවසක් කැම්පස් නිවාඩු කාලේ අපේ සෙට් එක ගියා කෑගල්ල පැත්තේ ෆ්රෙන්තෙක්ගේ
ගෙදර. නම නම් මොකක්ද මන්ද, හැබැයි අපි ඌට කිව්වේ මැණිකේ කියල. මොකද හැටි සොභාවයෙන්
ඒකා නිකන් ගම්බද ලලනාවක් වගේ...
ඔන්න මැණිකේගේ අම්මා
අපිව පිළිගන්න තොරන් ගහල තිබ්බේ නැති ටික විතරයි. ආගන්තුක සත්කාරය ආයේ ලොවෙත් නැති
තරම් සුපිරියට... ඔන්න දවසක් හවස් වරුවක ගුලි කන එවුන් ගුලියක් එහෙම කාල, ෆුල්
ආතල් එකේ ඉන්න කොට හම්බ උනා, මතක් වෙන කොටත් කටට කෙල උනන, අන්නාසි බීම එකක්. බීම
එක බීලා විනාඩි 5යි ගියේ, අර නිවුන්නු දෙන්නගෙන් එකෙක් පෙරේතය පොලේ ගැහුවා වාගේ,
බිම පත බෑවුනා, කටින් සෙම දාගෙන.. දඩ බඩ ගාලා, අපි ගෙනිච්ච මූව ඉස්පිරිතාලේ. තිබ්බ
බයටම අපිත් ඩොකාට කිව්ව කතන්දරේ, ගුලි කාලා, අන්නාසි බීම බීලා, ඉන්න කොට තමයි කේස්
එක පත්තු උනේ කියල..ඩොකා බලල කිව්ව, ලොකු සීන් එකක් නෑ...ගුලියි අන්නාසියි පොඩ්ඩක්
විෂ වෙලා තියෙන්නේ... දවසක් දෙකක් විතර ඉන්න වෙයි කියල..
දැන් ඉතින් මැණිකේගේ
අම්මට කියන්න පුළුවන් යැ රෙද්දක් ඇඳගෙන මේ කතාව.
ගෙතුවා ඩග් ගාලා කතාවක්, මේකට ෆිට් එක නිතර හැදෙනවා කියල... අනිත් නිවුන්නා
කියන කොට, ඇන්ටි පිලි ගතතා ආයේ ලොවෙත් අවුලක් නැතිව...ඔන්න පහුවදා දවල් අපි ලෙඩා
බලන්න ඉස්පිරිතාලේ යන කොට, වාට්ටුවේ පට්ට ගාලගෝට්ටියක්. ගෑණු කෙනෙක් දෙස් දෙවොල්
තියනවා , ආයේ හතර වරන් සාප කර කර...කිට්ටු කරලා බලද්දී, දන්නවද කවුද කියලා... අර
හොස්පිටල් ඇඩ්මිට් කරපු එකාගේ අම්ම යකෝ,,, බනින්නේ එයාගේ පුතාට විතරක් නෙමෙයි,
යාලුවෝ වෙච්ච අපිටයි, අපේ හත් මුතු පරම්පරාවටයි ඔක්කොමට... කොහොමද , සැප කනේ නේද,,,
අපිට පුදුමයි කොහොමද,
ඒකාගේ අම්මට මැසේජ් එක ගියේ කියල. පස්සේ හොයල බලද්දී, මැණිකේගේ අම්මා කොහෙන්ද මන්ද
අරුන්ගේ ගෙදර නම්බර් එක හොයාගෙන, කෝල් කරලා කියල ඒ අම්මට, “අර ඔයාගේ පුතාට නිතර
හැදෙන ෆිට් එක හැදිලා , කෑගල්ලේ ඉස්පිරිතාලේ” කියල... කවුරු නැතත් අම්මා දන්නවනේ
පුතාට ෆිට් එක තියා ඉහෙන් බහින ලෙඩක් නෑ කියල... අම්මා ඉතින් ඇවිල්ලා , අසුරු
විදිල්ලෙන් ඉස්පිරිතාලෙට.... අර එලොවටත් නැති මෙලොවටත් නැති දොස්තරයා දිග ඇරලා
පුත්තරයාගේ කෙරුවාව ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර.. අපි සෙට් එක එදා ඉස්පිරිතාලෙන්
එලියට ආවේ රෙදි නැතිව...
මගේ ගුලි සීරීස් එකේ
අන්තිම කතාව ඔන්න..මේක නම් උනේ ලඟදි.. අපේ ෆ්රෙන්තෝ ටිකක් යාලුවෙක්ගෙ ගෙදර බැල්කනි
එකේ සෙටමෝල් වෙලා ඉන්නව ඔන්න.. බැල්කනි එක පට්ට ලොකුයි කට්ටිය
පොඩි මේසයක් වටේ හිතේ හැටියට ඈත් කරගෙන...රවුමට පුටු තියාගෙන හිටියේ. ටික
වෙලාවකින් එකෙක් දෙන්නෙක් පස්ස බල බල පුටු මෙසේ ලඟට ඉස්සරහට අදිනවා... ආයේ
පොඩ්ඩකින් අපහු ඉස්සරහට අදිනවා.. හැබැයි ඉතින්, උන් එහෙම පුටු ඉස්සරහට ඇද්දට
බැල්කනියෙන් වැටෙන්නේ නැතිව බල්ටි ගහන්න උනත් වටේ ඉඩ තිබ්බ...කොච්චර ඉඩ තිබ්බත්
උන්ට ෆීල් වෙලා තිබ්බේ ආයේ පොඩ්ඩ එහා මෙහා උනා නම්, නවතින්නේ අඩි සිය ගානක ප්‍රපාතයක
කියල.. ඒක තමයි මදන මෝදකයි , බීමයි කලවම් උනාම එන සුපර් ඩුපර් පවර් එක...
අපේ පරම්පරාවේ ගුලි කාපු
එවුන් තමන් පට්ට පොරවල් කියල හිතාගෙන හිටියට, අලුත් පරම්පරාවේ ඇචි කිචි ඉස්කෝල
කොල්ලෝ එක්ක බැලුවම, අපේ උන් ලිලි පුට්ටෝ...ඇයි අප්පා, අපේ මොකාටද පුළුවන්, හෙයාර්
ජෙල් කන්න... මොකාටද පුළුවන්, දවසට තේ හැන්දක් බොන්න කියන කැස්සට දෙන කොරෙස්
බෝතලේම විනාඩියට ගහල දාන්න. ගිනස් යන්න ඕනි වැඩ ඔව්ව.....
No comments:
Post a Comment