Friday, March 6, 2015

A /L සහ නුගේගොඩ ටියුෂන්

ඕන්න මේක මගේ A /L කාලේ කතාවක්... පෘතග්ජන  මිනිස්සු උනාම අනිත් එවුන් කරන දේවල් කරන්න තියෙන්නේ පුදුම ආසාවක් නෙව ... ඔන්න ඉතින් මටත් ලෙඩේ උග් වෙලා , අනිත් එවුන් වගේ නුගේගොඩ රෝටරියේ ටීයුසොන් යන්න ඕනි උනා ..
කොලඹ ඉස්කෝලේ ඉඳලත් කිලෝ මීටර් 30...40ක් දුරින් ගෙවල් තිබ්බ මම  තවත් දුර ගෙවා ගෙන නුගේගොඩ පන්ති යන එකේ තේරුමක් නෑ  කියල තමයි  අම්මල කිව්වේ,,, ඒකේ වැරැද්දක් නැතත් ,,,දන්න මහා ප්රාණ  දාල අම්මව නම් ශේප් කර ගත්ත කියමුකෝ ඔන්න
ඒත් තාත්ත නම් මාව කකුලේ මාපට එන්ගිල්ලෙන් උඩට විශ්වාස කලේ නෑ ...තාත්තට  තිබ්බ පට්ටම ඇරියස් එකක් තමයි , දවසක් තාත්තා කොලඹ ඉඳල කොච්චියේ එද්දී දැකලා කොල්ලෝ දෙන්නෙක් ෆූට් බෝර්ඩ් එකේ අන්තිම පඩියෙ එල්ලිලා ...කැළණි පාලම අත  ගගා එනවා ...(පෙට්ටියේ 20 කට උනත් ඉඩ තියෙද්දී)
ඉතින් තාත්තා  කියන්නේ ,,,ඔය හැන්දෑවේ ,,,පට්ට කරුවලේ ,,,,කෝච්චි වල එහෙම ඇවිල්ල ,,,බිමට පත බැවිල ,,,නිකන් මැරෙනවට වඩා, ළඟ පාත පන්තියකට ගිහින් S 3ක් ගත්තත් කමක් නෑ  කියල ....
කොහොමින් කොහොමින් හරි ,,,,ඔන්න ඉතින් ,,,, දෙන්න දෙමහල්ලෝ ශේප් කර ගෙන ...පන්ති යන්න පටන් ගත්ත කියමුකෝ ... ගිය වැඩෙත් කර ගෙන, හවස 6.20 කෝච්චියේ අපි සෙට් එක ඔන්න එනවා ගෙදර ,,,, ජම්මෙට වඩා ලොකුයි කියනවනේ පුරුද්ද ,..හැමදාම එන්නේ පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙවී ,,,,
ඔන්න දයිවෝපගත දවස උදා උනා .... බහින්න ඔන්න මෙන්න කියල , අපි මාරු උන පෙට්ටියේ මෙන්න ඉන්නවා,,,කවුද ??..දෙය්යනේ අපේ තාත්තා ,,, අපේ ගැන්සියේ එවුන් සැරෙන් සැරේ බැහැල ගිහින් දෙන්නයි ඉතුරු වෙලා හිටියේ,,,ඔන්න මුන් දෙනන්ව දෙකක විතරයි , තාත්ත ගත්තේ නැතැ යි යක්ෂා වේසේ ...
 මම  දැන ගත්ත බඩුම තමයි කියල,,, මොකෝ තාත්තට දිරවන්නෙම නෑ  ඔය පෙට්ටියෙන් පෙට්ටියට මාරු  වෙන එක,,, ගෙදර යනකන් ඔන්න නො කතා ,,,නෝ  සිනා ,,, ඉස්ටසමෙන් බැහැල ගෙදර යන ටිකෙත් .. තාත්ත ඉස්සරහින් යනවා විදිල්ල වගේ ,,,,  මම යනවා මීටර් 10ක් විතර පස්සෙන් ,,,
ගෙදර ගිහින්,,,හොඳම බාසාවෙන් දේශනාව අහ ගත්තට පස්සේ තමයි මට තේරුනේ ,,,, තාත්තට එච්චරම මාරා වේශ වෙන්න හේතුව .... අර ෆූට් බෝර්ඩ් එකේ එල්ලිලා ,,,කැළණි පාලම අල්ල අල්ල ඇවිල්ල තියෙන්නේ ... අර මාත් එක්ක හිටපු මගේ හොඳම ෆ්රෙන්තෝ දෙන්නා ......

ඔන්න ඉතින් එදායින්  මගේ නුගේගොඩ ටියුෂොන් කතන්දරෙත් ඉවරටම ඉවර උනා ......


පසු ලිපි : A /L  වලින් ,,,අර ෆ්රෙන්තෝ දෙන්නයි ..මායි ,,,,3 දෙනාම විශ්ව විද්යාලේ තේරුණා,,, අද 3 දෙනාම රටට ලෝකෙට බරක් නොවී   ජීවත්  වෙනවා ,,,, හැබැයි ඉතින් දෙන්න හදන පණිවිඩේ ,,,, විශ්ව විද්යාලේ ගිහින් හොඳ ජොබක් කරන්න නම් ,,නුගේගොඩ පන්ති ගිහින් ,,කෝච්චියේ  හරි බස් එකේ හරි ෆූට් බෝර්ඩ් එකේ එල්ලිලා ,,,ගෙදර යන්න ඕනි කියන එක නෙමේ ,,,,මොන දේ කලත් තමන්ගේ මුලික අරමුණ හිතේ තියා ගන්න,,, අනිත් එක , වාසනාවට අපි බෙරුනාට කෝච්චි බස් වල එල්ලිලා ගිහින් ජීවිතෙන් හරි ,,තමන්ගේ අඬු  බඬු වලින් හරි වන්දි ගෙවපු අය ඕනි තරම් ,,,, එක නිසා ඉතින් , ඒවායේ එල්ලිලා යන්න ඕනිත් නැහැ ,,,, මම ඉතින් පණ්ඩිතය වගේ බණ  කියන්නේ මොකෝ දන්නවද,,, මමත් දැන් තාත්ත කෙනෙක් ,,,මටත් ඉන්නව පුත්තු .... :)

1 comment:

  1. This is something which I love to do even now, and i have done this before too.
    I just love to stay on the steps in the train, and look outside and go to any dream world. After that I love to get scolded by parents. Bcz I love to listen when my amma is scolding.

    Simply that is how you enjoy the little things of life.

    Keep on writing. I like the style.

    ReplyDelete