Friday, March 6, 2015

(නො )හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ .....



(නො )හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ .....

දශක කිහිපයක් ඈත අතීතයේ මතක අතර සැරි  සරමින් සිටිද්දී විදිලියක් මෙන් හිත හරහා ඇදුන සිද්දියකින් හා හා පුරා කියල පටන් ගන්න හිතුන,,, එකල්හි ඉන්දරේ පාසල් යන වයසේ,,, වයස 15 අඩු මිසක් වැඩි නැත විසේකාර ගැටයෙකි. පාසල් යාමට තිබ්බ ලේසිම විදිහ ළඟ ඉස්ටේෂමෙන් කොච්චියට නැගල කොළඹ යන එකයි . හොඳට හරි නරකට හරි ගමනාන්තය තෙක් එකම කෝච්චි පෙට්ටියක එකත් පස්ව යෑමේ නරක පුරුද්දක් අපේ ගැන්සියේ  මොකෙකුටවත්ම තිබ්බේ නෑ .. හැබැයි අපේ විසේකාර වැඩ වලින් කොචිචියේ යන එන කාටවත් කරදරයක් වෙන්න දුන්නෙත් නෑ ... 

අපේ ගැන්සියේ එකෙක් නොව්නත් අපිත් එක්කම පෙට්ටියෙන් පෙට්ටියට මාරු උන තවත් එක් නසරානියෙක් හිටියා..ඒකව දකින මිනිස්සු හොරි හැදුනු හිඟන්නෙක් ලඟින් යන කොට වගේ ඇඟ වල්  අකුලා ගන්න පුරුදු වෙල හිටියේමොකද,,එකා   තරමටම මිනිස්සුන්ට වදයක්….

කොචිචියේ එහෙ මෙහෙ පිස්සුවෙන් වගේ දඟලන මේ ගඳයව දැකපු වැඩිහිටියෙක් දවසක් මෙහෙම අහපි… "මොකෝ පුතා ඔහොම දඟලන්නේ ...කිරි පණු ගායද ? " කියලා… මේ  ගඳයා හැරෙන තැපෑලෙන් තම පශ්චාත් භාගය ඒ මනුස්සයා පැත්තට හරවල වක්ක ගෙහුව වගේ ඉස්සරහට නැමිලා , "ඔව් අන්කල් ,,,, පොඩි පණුවෙක් ඉන්නවා ,,,පොඩ්ඩක් ඇදල දාන්න බැරිද ?" කියල අහපි ..... 

එදායින්  මතු කවමදවවත් ගඳයා යන මගවත් නොයාමට අපේ ගැන්සිය වග බලා ගත් තා.
..............  ...............  ..............

ඉන් වසර ගණනාවකට පසු, පත්තරයකට හිස ඔබ සිටි මා හුරු පුරුදු මූනත් තහඩුවක් දැක , විස්තරය වහ වහා කියවන්නට ගත්තෙමි ... නවක වදයෙන් මිය ගිය අසරණයෙක් ගැන  ලියවුණකි,,, අර ඊනියා මුනත් තහඩුව   පාපතර ක්රියාවෙහි මුලිකත්වය ගත් කාලකන්නියාගේ විය,,,

වෙනෙකෙකු නොව ... පෙරකී කතා නායක ගඳයාම විය.අසරණ මිය ගිය සිසුවා  ගැන මහා කනගාටුවකුත්, මෙවැනි පාපතර ගඳයින් සමග අපිත් දවසක් හෝ ලැග්ගා නොවේ  දැ යි ... මා  ගැනම පශ්චාත් තාපයකුත් ඇති  වුනි. එවකට සොයා බැලීමේදී පාපතරයා සැකකරුවෙකු ලෙසින් බන්දනාගාර ගතව සිටියේය.  අද ඒකා  කොතැන කුමක් කරනවා දැයි නොදනිමි.

පසු ලිපි : දෙව්දත් පසු කලෙක රහත් බව ලැබූ  මේ ලෝක ධාතුවේ ...මේ නර පනුවාද ...පව් කමා  කොට,,, කල වැරදි ජීවිතය නැවත ඇරඹීමට පාඩමක් කොටගෙන ... අද වෙන කොට හොඳ මිනිසෙකුව සිටීමටද ඉඩ ඇත.  කොයි  හැටි වෙතත්,...ජීවත් උනත්, මැරි  මැරී ඉන්න වෙන මේ වගේ පව් කාර කම් නම් වෙන්න දෙන්න එපාවිශේෂයෙන්ම විශ්ව විද්යාල වලට යන අපේ තරුණ කොල්ලෝ කෙල්ලන් ටයි මේ  පණිවිඩේ ,,,, 

No comments:

Post a Comment